ජයන්ත අරවින්දයන් (එවකට ජී.ඩබ්.ජයන්ත) 1937 නොවැම්බර් 27 දින සංගීතවේදී වින්සන්ට්සෝමපාල සහ එම මැතිනිය සිසිලියා පෙරේරා විජේරත්නට දාව (දරුවන් 5 දෙනෙකුගෙන් යුත් පව්ලක දෙටු පුත් ලෙස) පානදුර, කෙසෙල්වත්ත, සරික්කාලිමුල්ලේ දී උපත ලැබීය.
ඔහුගේ ජීවන තොරතුරු බිඳක් පහත දක්වමු.
1942- පානදුර ශ්‍රී
ජින ධර්මදාන බෞද්ධ මිස්‍ර පාසලට ඇතුලත් විය.
1946- පියානන් වූ වින්සන්ට් සෝමපාල සංගීත ගුරුවරයෙකු ලෙස පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙහි රැකියාව ඇරඹීමත් සමග පිළියන්දල සුවාරපොළ පදිංචියට පැමිණි ඔහු පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙහි 3ශ්‍රේණියට ඇතුලත් විය.
1951- පියානන් වූ සෝමපාලයන් හමුවීමට පැමිණි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර හදුනාගැනීමට ලැබීමත් සමඟ සරච්චන්ද්‍රයන් සමඟ ගුවන්විදුලි සංගීත වැඩසටහන්වලට සම්බන්ධ වී ශාස්ත්‍රීය වයලීන් වාදන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා ගත්තේය.
1952/53- පිළියන්දල වික්‍රමශිලා කලායතනයේ ඉගැන්වීම් කටයුුතුවලට සම්බන්ධ විය.
1953/57- චිත්‍රසේන/වජිරා නිර්මාණ කිඳුරඟන මුද්‍රා නාට්‍යයෙහි සංගීත අධ්‍යක්ෂණය කළේය. (සෝමදාස ඇල්විටිගල සංගීතය නිර්මාණය කර ඇත.)
1955/58- ප්‍රේමකුමාර එපිටවල නිර්මාණ තිත්තබත මුද්‍රා නාට්‍යයෙහි සංගීත අධ්‍යක්ෂණය කළේය. (ඩබ්.ඩී. අමරදේව සංගීතය නිර්මාණය කර ඇත.)
1955/58- ප්‍රේමකුමාර එපිටවල නිර්මාණ සාරභූමි මුද්‍රා නාට්‍යයෙහි සංගීත අධ්‍යක්ෂණය කළේය. (ඩබ්.ඩී. අමරදේව සංගීතය නිර්මාණය කර ඇත.)
1955/58- ශේෂ පලිහක්කාර නිර්මාණ පුෂ්ප ශුංගාර මුද්‍රා නාට්‍යයෙහි සංගීත නිර්මාණය සහ අධ්‍යක්ෂණය කළේය.
1955/63 මොරටුව වික්‍රමශිලා කලායතනයේ ඉගැන්වීම් කටයුුතුවලට එකතුවිය.
1956 සැළලිහිනි සංදේශය මුද්‍රා නාට්‍ය පොත ප්‍රේමකුමාර එපිටවලයන් සමඟ මුද්‍රණය කළේය. (මෙම මුද්‍රා නාට්‍යයෙහි සංගීතය නිර්මාණය කරන ලද්දේ මොහොමඩ් ගව්ස් විසිනි.)
1957- කලා අංශයෙන් උසස්පෙළ සමත් විය.
1958- පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් විය. සිංහල, පාලි සහ සංස්කෘත විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීය.
1958- පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් නිශ්පාදිත රත්නාවලී සංගීතමය නාට්‍යය සඳහා සංගීතය නිර්මාණය කළේය. (Read more)
1959- විශ්ව විද්‍යාලය තුල රත්නාවලී ගායක කණ්ඩායම සරච්චන්ද්‍රයන්ගේ අදහස් මත බිහිකර විශ්ව විද්‍යාලය තුල සංගීතය ප්‍රචලිත කළේය; ගීත ප්‍රසංග පැවැත්වීය.
1960- පද්මා ද අල්විස් නිර්මාණ වෙස්සන්තර නාට්‍යයෙහි සංගීත නිර්මාණය සහ අධ්‍යක්ෂණය කළේය.
1961- විශ්ව විද්‍යාලයෙන් පිටවීය.
1961- වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයෙහි උසස්පෙළ කලා අංශයේ ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබීය.
1961- අග භාගයේ කලුතර මහා විද්‍යාලයට ස්ථාන මාරුවක් ලැබුණි.
1962- කැස්බෑව මහා විද්‍යාලයට (දැන් ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය) ස්ථාන මාරුවක් ලබාගත්තේය.
1963- මොරටුව වික්‍රමශිලා කලායතනයේ ශිෂ්‍යාවක වූ ඩල්සි පෙරේරා මෙනවිය සමඟ සුහදතාවය වර්ධනය විය.
1963- කැස්බෑව ඩල්සි පෙරේරා මෙනවිය සමඟ විවාහ විය.
1963- හෙන්රි ජයසේනයන්ගේ තවත් උදෑසනක් නාට්‍යයට සංගීතය නිර්මාණය කළේය. සංගීත අධ්‍යක්ෂණයෙන්, වයලීන වාදනයෙන් ද සම්බන්ධ විය.
1963- පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ස්ථාන මාරුවක් ලබාගත්තේය.
1963- මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලට (මනමේ, සිංහබාහු, මහාසාර......) සංගීත අධ්‍යක්ෂණයෙන් සහ වයලීන වාදනයෙන් එකතු විය.
1965- සරච්චන්ද්‍රයන් විසින් රචනාකර තිබූ Sinhalese Folk Play ග්‍රන්ථය සරච්චන්ද්‍රයන් සමඟ සිංහලයට පරිවර්තනය කළේය.
1968- සරච්චන්ද්‍රයන්ගේ පේමතෝ ජායතී සෝකෝ ගීත නාටකය සඳහා සංගීතය නිර්මාණය කිරීම ආරම්භ කළේය. (Read more)
1968- දෙටු පුත් වජිරපානි අරවින්ද උපන්නේය.
1968- භාත්ඛණ්ඩේ විද්‍යා පීඨයෙහි ඉගෙනගන්නා සමයෙහි University of Lucknow - India හි නිශ්පානයක් වූ Vikramorvashiya (කාලිදාස පඬිවරයා විසින් රචිත) සංස්කෘත නාට්‍යය සඳහා සංගීතය නිර්මාණය සහ අධ්‍යක්ෂණය කළේය.
1968- භාත්ඛණ්ඩේ විද්‍යා පීඨයෙන් සංගීත් විශාරද විභාගය සමත් විය.
1969- පේමතෝ ජායතී සෝකෝ ගීත නාටකය වේදිකාගත කරන ලදී.
1970- භාත්ඛණ්ඩේ විද්‍යා පීඨයෙන් සංගීත් නිපුන් විභාගය සමත් විය.
1970/75- මනමේ නාටකය සඳහා (සරච්චන්ද්‍රයන්ගේ ඉල්ලීම මත තිබු නොගැලපෙන තනු වෙනුවට) නව තනු නිර්මාණය කරන ලදී. ගීත සදහා ආරම්භක සංගීත ඛණ්ඩ නිර්මාණය කරන ලදී. සංවාද ගායනා රටා සඳහා නව තනු යොදන ලදී. (Read more)
1970/75- සිංහබාහු නාටකය සඳහා (සරච්චන්ද්‍රයන්ගේ ඉල්ලීම මත තිබු නොගැලපෙන තනු වෙනුවට) අලුත් තනු නිර්මාණය කරන ලදී. ගීත සදහා ආරම්භක සංගීත ඛණ්ඩ නිර්මාණය කරන ලදී. සංවාද ගායනා රටා සඳහා නව තනු යොදන ලදී. (Read more)
1971/75- මහාසාර නාටකය සඳහා (සරච්චන්ද්‍රයන්ගේ ඉල්ලීම මත තිබු නොගැලපෙන තනු වෙනුවට) අලුත් තනු නිර්මාණය කරන ලදී.
1972- පේමතෝ ජායතී සෝකෝ ගීත නාටකය නැවත නිශ්පාදනය කරන ලදී.
1972- දෙවන පුතු වරදත්ත අරවින්ද උපන්නේය.
1973/74- පිලියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් සමුගෙන ගිරාගම සෞන්දාර්ය ගුරු විද්‍යාලයේ සංගීත කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළේය.
1974- කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාව ලබාගත්තේය.
1976/77- කථිකාචාර්යවරයෙකු ලෙස කොළඹ විශ්ව විද්‍යාලයීය අධ්‍යාපන පීඨයෙහි සේවය කළේය.
1978/79- අධි ශිෂ්‍යත්වයත් මත London University (Faculty of Education) හි Aesthetics of Music පාඨමාලාව හැදෑරීය.
1979/83- කොළඹ සෞන්දාර්ය විශ්ව විද්‍යාලයෙහි සහ හොරණ ශ්‍රීපාලී මණ්ඩපයෙහි කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේය.
1979- දියණිය සමන්මලී අරවින්ද උපතලැබීය.
1983/85 ගිරාගම ගුරු විද්‍යාලය විසින් නිෂ්පාදනය කළ පැරකුම් විකුම් මුද්‍රා නාට්‍යය සඳහා එවකට ගුරු විද්‍යාලයෙහි කථිකාචාර්යවරයෙකු වූ එම්. ජී. සුගතදාසයන් සමඟ සංගීතය නිර්මාණය කළේය.
1984/85 - ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගීතය නිර්මාණය කළේය. (Read more)
1984/87- ගිරාගම සෞන්දාර්ය ගුරු විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙස සේවය කළේය.
1987/89- ගිරාගම සෞන්දාර්ය ගුරු විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කළේය.
1989- අධ්‍යාපන අමාත්‍යංශයෙහි සෞන්දාර්ය අධ්‍යාපන ශාඛාව අරම්භ කරන ලදී.
1989/97- අධ්‍යාපන අමාත්‍යංශයෙහි සෞන්දාර්ය අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේය.
1989- ළමයින්ට නොමිලයේ සෞන්දාර්ය අධ්‍යාපනය ලැබීමට ශනි දින බහු ශිල්ප ම්‍යස්ථාන 100ක් දිවයින පුරා ඇරඹීය.
1997- රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබීය.