Skip to main content

රත්නාවලී නාටකය

 ජයන්ත අරවින්දයන් 1958 දී රත්නාවලී නාටකය සඳහා සංගීතය නිර්මාණය කරන ලද අතර එය 1959 දී වේදිකා ගත විය. 

 රත්නාවලී පියදාස නිශ්ශකයින්ගේ ග්‍රන්ථයකි. (අනුවාදයකි.) මෙය එකල සරසවි ශිෂ්‍යයන්ට සිංහල විෂයට නියමිත වූ ග්‍රන්ථයක් විය. මෙය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මගින් 1959 දී නිශ්පදනය විය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් නළු නිළියන් විය. මෙම නිශ්පාදනය මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ අධීක්ෂණය මත සිදුවිය. මේ වනවිට අභාවයට ගොස් තිබූ නුර්ති නාට්‍ය කලාව රත්නාවලී නිර්මාණයත් සමඟ නැවත පුණර්ජීවනයක් ලැබීය.

මෙහි රාගධාරී සංගීතය රසවිඳි (ඒ වන විට නාට්‍යය නරඹා නොතිබූ) පී. වැලිකලයන් ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක් ලෙස රත්නාවලී වේදිකාගත කිරීමට තීරණය කළේය. ඔහු 1960 දී හෙන්රි ජයසේන, දැනියෙල් මුතුමාල, සුමනා ජයතිලක, මිරැන්ඩා හේමලතා වැනි ජනප්‍රිය නලු නිලියන් සමඟ වේදිකාගත කිරීම ඇරඹුවේය.

1966 දී කොළඹ වි. විද්‍යාලයීය ශිෂ්‍යයන් සමඟ රත්නාවලී නැවත නිශ්පාදය විය.

1998 දී ලලිතා සරච්චනුද්‍රයන් විසින් නව නළු නිළියන් සමඟ රත්නාවලී නැවත නිශ්පදනය කරන ලදී. 1998 දී සංකෘතික අමාත්‍යංශ සමස්ථ ලංකා නාට්‍ය තරඟයේ දී වසරේ හොඳම නාට්‍ය සංගීතයට හිමි සම්මානය රත්නාවලී දිනාගන්නා ලදී. එම ජයග්‍රහනය වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යංය විසින් ඉන්දියාවේ දිල්ලි නගරයේ පිහිටි National School of Drama හි මසක ශිෂ්‍යත්වයක් අරවින්දයන්ට ලබාදුනි.

රත්නාවලී නාට්‍යය උසස් පෙළ සිංහල විෂය නිර්දේශයෙහි ඇතුලත් විය.

ජයන්ත අරවින්දයන්ගේ ජීවන චාරිකාවෙහි එක් අංගයක් ලෙස රත්නාවලී නාටකය පිළිබඳ මතකය...

අපි රත්නාවලී නාට්‍ය ගීත කිහියක් රස විඳිමු.


පියදාස නිස්සංක සහ ජයන්ත අරවින්ද විසින් රචිත රත්නාවලී නාට්‍ය ගීත සංග්‍රහය (වඩා පැහැදිලි රූප සඳහා පරිගනකය භාවිතා කරන්න.)










තොරතුරු තවදුරටත් සම්පූර්ණ වෙමින් පවතී.

Popular posts from this blog

  👉 ජීවන තොරතුරු 👉 නාට්‍ය නිර්මාණ 👉 රත්නාවලී නාටකය 👉 පේමතෝ ජායතී සෝකෝ 👉 සිංහබාහු නාටකය   👉 මනමේ නාටකය 👉 වින්සන්ට් සෝමපාල 👉 විද්‍යාපීඨ ගීතය 👉 Queen Elizabeth ii 👉 YouTube Chanel 👉 තාල ඥානය 👉 ඡායාරූප එකතුව