Skip to main content

‍පේමතෝ ජායතී සෝකෝ

 1968 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පේමතෝ ජායතී සෝකෝ ගීත නාටකය සඳහා සංගීතය නිර්මාණය කිරීම ජයන්තයන් වෙත පැවරීය. එය වඩා සාර්ථකව නිම කරනුවස් අරවින්දයෝ සරච්චන්ද්‍රයන්ගේ නිවසේ නැවතී තම නිර්මාණ කටයුතු ආරම්භ කළෝය. මෙය 1969 දී (එවකට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වූ) ජයලත් මනෝරත්න, නිස්සංක දිද්දෙණිය, ටෙරන්ස් රණසිංහ වැන්නවුන් සමඟ විශ්ව විද්‍යාල නිශ්පාදනයක් ලෙස වේදිකාගත විය.

1969 දී (එවකට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වූ) ජයලත් මනෝරත්න, නිස්සංක දිද්දෙණිය, ටෙරන්ස් රණසිංහ වැන්නවුන් සමඟ විශ්ව විද්‍යාල නිශ්පාදනයක් ලෙස වේදිකාගත විය.

සරච්චන්ද්‍රයන් 1991 දී ජනප්‍රිය වේදිකා නළු නිළියන් (නිස්සංක දිද්දෙණිය, විජේරත්න වරකාගොඩ, නිහාරී සෝමසිරි, ශ්‍යාමන් ජයසිංහ, ...) සමඟ නැවත නිශ්පාදනය කළේය.

2017 දී ලලිතා සරච්චන්ද්‍රයන් විසින් නැවත නිශ්පාදනය විය.

මෙම නාට්‍යයෙහි එන "ඇදුරුතුමා වන්න මගේ..." ගීතය සාමාන්‍ය පෙළ සංගීත විෂය නිර්දේශයෙහි ඇතලත්ය. නාට්‍යය උසස් පෙළ සිසුන්ට පාසලේ දී ඉගැන්වීමට නියමිතය.

ජයන්තයන් තම ජීවන ගමනෙහි තවත් එක් චාරිකාවක් ලෙස ‍‍පේමතෝ නාට්‍යය සිහි කරයි...

පේමතෝ ජායතී සෝකෝ සම්පූර්ණ නාට්‍යයෙහි සංගීතය රසවිදින්න.

පේමතෝ ජායතී සෝකෝ ගීත තනු ජයන්ත අරවින්දයන්ගේ අත් අකුරින් (සම්පූර්ණ වෙමින් පවතී)
පේමතෝ ජායතී සෝකෝ ගීත කිහිපයක් රසවිදිමු...
තොරතුරු සම්පූර්ණ වෙමින් පවතී...




Popular posts from this blog

  👉 ජීවන තොරතුරු 👉 නාට්‍ය නිර්මාණ 👉 රත්නාවලී නාටකය 👉 පේමතෝ ජායතී සෝකෝ 👉 සිංහබාහු නාටකය   👉 මනමේ නාටකය 👉 වින්සන්ට් සෝමපාල 👉 විද්‍යාපීඨ ගීතය 👉 Queen Elizabeth ii 👉 YouTube Chanel 👉 තාල ඥානය 👉 ඡායාරූප එකතුව