එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් 1961 දී පුරාණෝක්ති ඇසුරෙන් නිර්මාණය කරන ලදී. නොමන් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ (අම්පෙ චාර්ලිස් සිල්වා ගුරුන්නාන්සේගේ පුත්) විසින් සපයන ලද පැරණි සින්දු නාඩගම් තනු සඳහා සරච්චන්ද්‍රයන් විසින් නව ගී පද රචනා කළේය. එවකට විශ්ව විද්‍යාල ශිෂ්‍ය එච්. එච්. බණ්ඩාරයන් විසින් ඉතිරි තනු සපයන ලදී. (නොමන් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගේ සහ බණ්ඩාරයන්ගේ සුසංයෝගයෙන් තනු නිර්මාණය වූයේ යයි කීම වඩා උචිත වේ.)
පසුව (1970 සිට) ජයන්ත අරවින්දයන් විසින් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ආරාධනයෙන් එහි වූ නොගැලපෙන සහ ඒකාකාරී තනු වෙනුවෙන් නව තනු නිර්මාණය කරන ලදී. ගීත සඳහා ආරම්භක සහ අන්තර් වාද්‍ය ඛණ්ඩ නිර්මාණය කළේය. සංවාද ගායන රටා නිර්මාණය කළේය. මෙන් කමලේ දෙන රැව් මිහිලොල් ගීතයට පෙරදිග ප්‍රතිසංධ්වනි (Oriental Counter Points) නිර්මාණය කළේය. සිංහබාහු නාටකය එසේ නවීකරණය විය.
1) සසර බිය වැද
2) වියොවින් වියරු වැටුනු
3) රඳවා දූ පුතුන්
4) වනයෙහි රජකරන සඳ
5) වෙසෙන සඳ මේ ලෙසේ
6) පිනනා මන් සෙඳින
7) මෙන් දිවයුරු සැඩකර
8) ලෙසේම වෙමි මම
9) දයාබරව සිත
10) වෙනදා ලෙනෙහි පැවති
11) නරයන් බව තිදෙන
12) දයාබර හිමියනි උතුම්
13) මෙසේ හටගත් බිය සැක
14) නෙක වර පුතු විසිනා
15) සඟවන්ට තතු බැරිය
16) සේ රිවි බිම්බා
17) පුරුදු පරිදි වනයෙන්
18) තිදෙනා ගොස් මෙලෙසා
19) යුවරජු කරන සඳ
20) වනයෙන් පැමිණුනු බියකරු මිගිඳා
21) දිරියුත් නොයෙක් දෙන
22) මන්ද අහිංසක මා වැසියන් හට
23) දටු සඳ මන බඳින
24) දන හට වද දෙන්නා


Comments
Post a Comment