1955/58- ප්‍රේමකුමාර එපිටවල තිත්තබත මුද්‍රා නාට්‍යය නිශ්පාදනය කළේය. විදේශීය සංගීත ඛණ්ඩ ඒ සඳහා එකතු කිරීමට ඔහුට අවශ්‍ය විය. සංගීත අධ්‍යක්ෂණය කළ අමරදේවයන් එම විදෙස් තනු ප්‍රතිනිර්මාණ කළේය. ජයන්තයන් වයලීනය වයමින් සංගීතය මෙහෙයවීය. අපි එහි වයලීන් වාදනයක් අසමු. (සම්පූර්ණ වෙමින් පවතී)
1955/58- ප්‍රේමකුමාර එපිටවල නිර්මාණ සාරභූමි මුද්‍රා නාට්‍යයෙහි සංගීත අධ්‍යක්ෂණය කළේය. (ඩබ්.ඩී. අමරදේව සංගීතය නිර්මාණය කර ඇත.)
1955/58- ශේෂ පලිහක්කාර නිර්මාණ භාචලන මුද්‍රා නාට්‍යයෙහි සංගීත අධ්‍යක්ෂණය කළේය. (සෝමදාස ඇල්විටිගල සංගීතය නිර්මාණය කර ඇත.)
1955/58- ශේෂ පලිහක්කාර නිර්මාණ පුෂ්ප ශුංගාර මුද්‍රා නාට්‍යයෙහි සංගීත නිර්මාණය සහ අධ්‍යක්ෂණය කළේය.
1960- පද්මා ද අල්විස් නිර්මාණ වෙස්සන්තර නාට්‍යයෙහි සංගීත නිර්මාණය සහ අධ්‍යක්ෂණය කළේය.
1963- හෙන්රි ජයසේනයන්ගේ තවත් උදෑසනක් නාට්‍යයට සංගීතය නිර්මාණය කළේය. සංගීත අධ්‍යක්ෂණයෙන් වයලීන වාදනයෙන් ද සම්බන්ධ විය.1963- මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලට (මනමේ, සිංහබාහු, මහාසාර......) සංගීත අධ්‍යක්ෂණයෙන් සහ වයලීන් වාදනයෙන් එකතු විය.
1968- සරච්චන්ද්‍රයන්ගේ පේමතෝ ජායතී සෝකෝ ගීත නාටකය සඳහා සංගීතය නිර්මාණය කිරීම ආරම්භ කළේය. (Read more)1968- භාත්ඛණ්ඩේ විද්‍යා පීඨයෙහි ඉගෙනගන්නා සමයෙහි University of Lucknow - India හි නිශ්පානයක් වූ Vikramorvashiya (කාලිදාස පඬිවරයා විසින් රචිත) සංස්කෘත නාට්‍යය සඳහා සංගීතය නිර්මාණය සහ අධ්‍යක්ෂණය කළේය.
1970/75- මනමේ නාටකය සඳහා (සරච්චන්ද්‍රයන්ගේ ඉල්ලීම මත තිබු නොගැලපෙන තනු වෙනුවට) අලුත් තනු නිර්මාණය කරන ලදී. ගීත සදහා ආරම්භක සංගීත ඛණ්ඩ නිර්මාණය කරන ලදී. සංවාද ගායනා රටා සඳහා නව තනු යොදන ලදී. (Read more)1970/75- සිංහබාහු නාටකය සඳහා (සරච්චන්ද්‍රයන්ගේ ඉල්ලීම මත තිබු නොගැලපෙන තනු වෙනුවට) අලුත් තනු නිර්මාණය කරන ලදී. ගීත සදහා ආරම්භක සංගීත ඛණ්ඩ නිර්මාණය කරන ලදී. සංවාද ගායනා රටා සඳහා නව තනු යොදන ලදී. (Read more)
1971/75- මහාසාර නාටකය සඳහා (සරච්චන්ද්‍රයන්ගේ ඉල්ලීම මත තිබු නොගැලපෙන තනු වෙනුවට) අලුත් තනු නිර්මාණය කරන ලදී.